IASL Logo
IASL Logo
About section background

අප ගැන

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය
අපි කවුද

අප ගැන

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) 1989 වර්ෂයේදී, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ යූනියන් ඇෂුවරන්ස් ඇතුළු ප්‍රමුඛ රක්ෂණ සමාගම් පහක් විසින් පිහිටුවන ලදී. වර්තමානයේදී, IASL ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රක්ෂණ සමාගම් 28ක් නියෝජනය කරයි. සියලුම රක්ෂණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් සමන්විත IASL හි විධායක කමිටුව, රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මාසිකව රැස්වේ. එම කටයුතු සඳහා, සහයෝගීතාව වර්ධනය කිරීම සහ හොඳම ක්‍රියා පටිපාටි බෙදාහැරීම ප්‍රවර්ධනය කරන උපකමිටු මඟින් අවශ්‍ය සහාය ලබාදේ.

අපගේ අනුකමිටු

සාමාන්‍ය රක්ෂණ මණ්ඩලය (GIF)

ජීවිත රක්ෂණ මණ්ඩලය (LIF)

නීති උපදේශන මණ්ඩලය (LAF)

මූල්‍ය තාක්ෂණික උපකමිටුව (FTSC)

වෙළඳාම හා වෙළඳ ප්‍රවර්ධන මණ්ඩලය (MSF)

තොරතුරු තාක්ෂණ උපකමිටුව (ITSC)

මානව සම්පත් උපකමිටුව (HRSC)

විශ්ලේෂණ උපකමිටුව (ASC)

අපව මෙහෙයවන බලවේගය

අපගේ අරමුණු

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) වන අප, නවෝත්පාදනය, අධ්‍යාපනය සහ සියලු දෙනා ඇතුළත් කරගත් තිරසාර වර්ධනයක් තුළින් පුද්ගලයින් සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමට කැපවී සිටින්නෙමු. පර්යේෂණ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම, තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සහ සමාජය නගාසිටුවන හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම අපගේ ප්‍රධාන අරමුණු අතර වේ.

රක්ෂණ සමාගම් එක් කිරීම

පොදු අරමුණු සහ සමාජීය සුභසාධනය ඉලක්ක කරගනිමින්, ඵලදායී උපදේශන ක්‍රියාවලිය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා, සියලුම රක්ෂණ සමාගම් එකට එක් කර එකමුතුවෙන් ක්‍රියාත්මක වන වේදිකාවක් ස්ථාපිත කිරීම.

සදාචාරමය විශිෂ්ටත්වය

රක්ෂණ ග්‍රාහක ජනතාව සහ කොටස්කරුවන් අතර විශ්වාසය වර්ධනය කර ශක්තිමත් කිරීම සඳහා, කර්මාන්තය පුරා මූලික සදාචාරාත්මක ප්‍රතිපත්ති සහ උසස් සදාචාරමය මාර්ගෝපදේශ ස්ථාපිත කර ප්‍රචලිත කිරීමත්, ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාම.

රක්ෂණය පිළිබඳ අවබෝධය

අධ්‍යාපනික හා ප්‍රචාරණ වැඩසටහන් මඟින්, රක්ෂණ ආවරණයේ අත්‍යවශ්‍යතාවය සහ එහි මහත් වටිනාකම පිළිබඳ, පුළුල් සහ ගැඹුරු අවබෝධයක් මහජනතාව අතර ගොඩනැගීම.

ගෝලීය විශිෂ්ට ක්‍රියා පටිපාටි

ලෝකය පුරා ක්‍රියාත්මක වන රක්ෂණ ක්‍රියා පටිපාටි සමාලෝචනය කර විමර්ශනය කිරීමෙන් පසු, ශ්‍රී ලංකා වෙළඳපොළට අදාළ වන නවතම සහ වඩාත් ප්‍රතිඵලදායක විශිෂ්ට ක්‍රියා පටිපාටි මෙරට භාවිතයට අනුගමනය කිරීම.

නියාමන ප්‍රවර්ධනය

රක්ෂණ කර්මාන්තයේ ස්ථායිත්වය සහ වර්ධනය සහතික කිරීම සඳහා, නීතිමය සහ නියාමන අවශ්‍යතා නිරන්තරයෙන් නිරීක්ෂණය කර, කාලෝචිත ලෙස අදාළ අධිකාරීන් වෙත ඉදිරිපත් කිරීම.

වෘත්තීය සංවර්ධනය

පුහුණු වැඩසටහන්, වැඩමුළු සහ දැනුම බෙදාගැනීමේ වැඩසටහන් මඟින් අඛණ්ඩ වෘත්තීය වර්ධනය ප්‍රවර්ධනය කිරීම.

About the Association

සංගමය පිළිබඳව

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) 1989 වර්ෂයේදී, එවකට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ රාජ්‍ය රක්ෂණ සංස්ථා දෙක සහ පෞද්ගලික රක්ෂණ සමාගම් තුන වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ සංස්ථාව, සෙලින්කෝ රක්ෂණ සමාගම, CTC ඊගල් රක්ෂණ සමාගම සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම එක්ව අත්වැල් බැඳගෙන පිහිටුවන ලදී.

අද වන විට, IASL ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රක්ෂණ සමාගම් 28ක් ආවරණය කරන සජීවී සහ ශක්තිමත් සංගමයක් ලෙස වර්ධනය වී ඇත.

IASL හි විධායක කමිටුව සියලුම රක්ෂණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, කර්මාන්තයට අදාළ වැදගත් කරුණු සහ නව සංවර්ධන ආවරණය වන ස්ථාවර න්‍යාය පත්‍රයක් අනුව මාසිකව රැස්වේ.

අපගේ නායකත්ව කණ්ඩායම

නිලධාරී මණ්ඩලය

පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත අපගේ නිලධාරී මණ්ඩලය, වගකීම් සහගතව ආයතනයේ ප්‍රගතිය, විනිවිදභාවය සහ සාමූහික ජයග්‍රහණ සහතික කිරීම සඳහා කැපවී සිටිති.

ලසිත විමලරත්න

ලසිත විමලරත්න

සභාපති, IASL (ප්‍රධාන විධායක නිලධාරී - HNB Assurance)

චතුරි මුණවීර

චතුරි මුණවීර

උප සභාපති, IASL (ප්‍රධාන විධායක නිලධාරී - AIA Insurance)

ජේ.එම්. නියාස්

ජේ.එම්. නියාස්

මහලේකම් – ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL)