- හොඳම අධ්‍යාපන සැලසුම්වලට යොමු වී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් සියලු දෙමාපියන්ට ආරාධනා
සෑම දෙමව්පියකුගේම අපේක්ෂාව දරුවන්ගේ සිහින සැබෑ කරලන ඉහළම අධ්‍යාපනයකට ඔවුන් යොමු කිරීමයි. නමුත් වර්තමානයේ ඉහළ යන ජීවන වියදම හමුවේ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට කල් තියා සැලසුම් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබේ. එනම්, දූදරුවන්ට අනාගතයේ වටිනා උසස් අධ්‍යාපනයක් ලබා දීමට සරිලන නිසි සැලසුමකට දෙමව්පියන් කල් ඇතිව යොමු වීම වැදගත් වේ. එහෙත් දුදරුවන්ගේ උසස් අධ්‍යාපන සිහිනය මල්ඵල ගන්වන හොඳම සැලසුම කුමක්දැයි තෝරා ගැනීමේදී දෙමව්පියෝ අදහසක් නොමැතිකමින් අපහසුතාවට පත් වෙති. දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින ඵල දැරීමට හවුල් වෙමින්, ඔවුන්ගේ රැකවරණය සහ අධ්‍යාපනය සඳහා ඉතිරි කිරීම් සහතික කරමින්, ළමා රක්ෂණ සැලසුම් අත්‍යවශ්‍ය සහයක් ලෙසින් පෙරට එන්නේ මෙවන් විටෙකය.
රුපියල දිනෙන් දින අවප්‍රමාණය වීමත්, අධික උද්ධමනය හා ජීවන වියදම දැරිය නොහැකි පරිදි ඉහළ යාමත් නිසා වර්තමානයේ, දූදරුවන් අධ්‍යාපනය සඳහා වෙනත් රටකට යැවීම දෙමව්පියන්ට සිහිනයක්ම පමණක් වී තිබේ. එවැනි බාධකවලින් දරුවන් එතෙර කිරීමට රක්ෂණාවරණයක් තිබිම අතිශයින් වැදගත්ය. එලෙස, දරුවෙකු සඳහා රක්ෂණාවරණයක් මිලදී ගත් විට, ඒ සමග ඔවුන්ගේ අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කර දී දරුවන්ගේ වෘත්තිය සිහින සුරක්ෂිත කිරීමටද දෙමව්පියන්ට හැකියාව සැලසේ.
අධ්‍යාපන රක්‍ෂණ සැලසුමක් මඟින් වසර ගණනකට පසු දරුවන්ගේ මෙරට හෝ පිටරට අධ්‍යාපනය සඳහා මුදල් අවශ්‍යතාව පැන නැගුණු අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට යම් මුදලක් ආයෝජනය කිරීමට හැකියාව සලසන අතර, දෙමාපියන්ට එකවර විශාල මුදලක් වියදම් කිරීමට සිදු වීමේ අපහසුතවයෙන්ද ඔවුන් මුදාලයි. වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු මුල්‍ය අවිනිශ්චිතතාව අද වන විට, මෙලෙස දීර්ඝ කාලීන මුල්‍ය සැලසුම් සඳහා යොමු වීමේ අවශ්‍යතාව මතු කර තිබේ. පවතින ආර්ථික තත්ත්වයන් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉහල පිරිවැයක් දැරීමට දෙමව්පියන්ට සිදුවන අතර බොහෝ අවස්ථා වල විදෙස් විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබීමට දකින සිහිනයට වුවද නැවතීමේ තිත තැබීමට සිදුවන අවස්ථා බොහෝය. නමුත් දරුවන්ගේ අනාගතය ගැන මුල සිටම අවධානයෙන් සිටිමින් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රක්ෂණයක ආයෝජනය කර තිබුනේ නම්, මෙවැනි අවස්ථා මග හරවා ගැනීමට දෙමාපියන්ට හැකි වේ. එවැනි පීඩනයකින් තොරව, දරුවන්ගේ විදෙස් අධ්‍යාපනයට පහසු මග සදන රක්ෂණාවරණයක් තුළින් අත්වන වන ප්‍රතිලාභ ගණනාවක්ම පවතී. විශේෂයෙන් දෙමවිපියන්ගේ අකල් වියෝවකදී, ඔවුන් වෙනුවෙන් දරුවාගේ රක්ෂණ සැලසුම සඳහා වාරික ගෙවීමේ වගකීම රක්ෂණ සමාගම විසින් පවරා ගන්නා අතර, දෙමව්පියන් නොමැති වුවද අධ්‍යාපනය සඳහා සැලසුම් කළ මුදල දරුවාට හිමි වන බව සහතික කෙරේ. එසේම, මෙම රක්ෂණ සැලසුම්වලට හිමි අද්විතීය ලාභාංශ හා මසක් පාසා රක්ෂණ ආයතන විසින් ප්‍රකාශයට පත් කරන සමුච්චය අනුපාත සමගද රක්ෂණ මුදල දිගින් දිගටම තර වේ. ඒ අනුව මෙවැනි සැලසුමක් ඔස්සේ, දරුවන්ගේ ජීවිත රැකවරණයද සලසමින්, කල් පිරීමේදී දරුවන්ගේ විදෙස්ගත හෝ මෙරට උසස් අධ්‍යාපනය සඳහා සුවිශාල මුදලක් රක්ෂණලාභියා අතට පත් කෙරේ.
වර්තමානයේ පවතින්නේ තරඟකාරිත්වය තුල තම දූදරුවන්ගේ අනාගත අභිලාෂ සාක්ෂාත් කරගත හැකි වන පරිදි දෙමව්පියන් මෙලෙස ආයෝජන කිරීම තුළින් දරුවන්ට ද අනාගත ලෝකයට සාර්ථකව පියවර තැබීමට අවශ්‍ය පසුබිම සැකසේ. එය ඔවුන් තරුණ වියට එළඹුණු පසු අනාගත වෘත්තිය සිහින ජය ගැනීමටද රුකුලක් වේ. එමෙන්ම, දෙමව්පියන් වෙතින් දරුවන්ට තිලිණ කරන හොඳම තෑග්ග වන්නේද එයයි. අද වන විට මෙරට රක්ෂණ වෙළෙඳ පොළ තුළ, මෙලෙස දරුවන් සඳහා අනාගත තෑග්ගක් ලෙසින් තිලිණ කළ හැකි රක්ෂණ සැලසුම් රාශියක්ම පවතී. රක්ෂණ ක්ෂේත්‍රය නියෝජනය කරන සංගමය ලෙසින් එවැනි අධ්‍යාපනික රක්ෂණ සැලසුම් පිළිබඳ දැනුවත් කරන ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, (IASL) දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන සුදුසුම අධ්‍යාපන රක්ෂණ සැලසුම සඳහා යොමු වන ලෙස දෙමව්පියන්ට ඇරයුම් කරයි.
IASL පිළිබඳව
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) 1989 වසරේ මෙරට පිහිටුවන ලද රක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධ නියෝජිත ආයතනය වන අතර, ශ්‍රී ලංකාව තුළ රක්ෂණ ව්‍යාපාර පවත්වාගෙන යන සියලු රක්ෂණ සමාගම් එනම්, දැනට ලියාපදිංචි වී ඇති රක්ෂණ සමාගම් 27 ම ෂ්ීඛ හි සාමාජික ආයතන වේ. ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් රක්ෂණයේ ආරක්ෂාව සැලසීමේ ප්‍රයත්නයට සමගාමීව, සාමාජික ආයතනවල සුභසාධනය වෙනුවෙන් සමාගම් අතර සහයෝගිතාව ඇති කිරීම සඳහා රක්ෂණ ආයතන පෙළ ගැස්වීමේ පොදු අරමුණෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය කටයුතු කරයි.

